Science Insiderපර්යේෂණස්වාභාවික විද්‍යාව

ඔබට සමනිවුන් යහලුවන් සිටීද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබට සමනිවුන් යහලුවන් සිටීද? ඔවුන් කුඩා කාලයේදී වෙන් කර හදුනාගැනීම වඩාත් අපහසු වේ. කාලයත් සමග ඔවුන් ලොකු වන විට ඔවුන් එකිනෙකා වෙන් කර හදුනාගැනීම වඩාත් පහසු වේ. සමනිවුන්ගේ ගෙනෝමය සමාන වුවුද ඇයි ඔවුන් එකිනෙකා වෙනස් වන්නේ? මෙයට එක් හේතුවක් වන්නේ එපිගෙනෝමයයි. එපිගෙනෝමය යනු DNA හි කේතය වෙනස් නොවී DNA තුල සිදුවන වෙනස්කම්ය. එනමුත් මෙමගින් පුද්ගලයාගේ ජාන ක්‍රියාකාරිත්වයට බලපායි. මෙලෙස එපිගෙනෝමයට බලපාන සාධක අතර ආහාරය, ව්‍යායාමය, ආතතිය වේ. මෙම සාධක මගින් DNA තුල පවතින යම් කිසි ජානයක් පිටතට දර්ශනය වීම වැලක්විය හැක. උදාහරණයක් ලෙස සමනිවුන්නූ දෙදෙනෙක් ගත් විට ඔවුන්ට එකම ජානය පැවතිද යම් සාධකයක් නිසා දෙදෙනා අතරින් එක් අයෙකුගේ ජානයක් නොපෙන්වීම සිදුවිය හැක. මෙනිසා සමනිවුන්නු අතර යම් වෙනසක් ඇතිවේ.

Author

Related Articles

Back to top button