Science Insider
බ්‍රහස්පතිගේ තවත් සඳක් වන අයිස් වලින් ආවරණය වූ Europa චන්ද්‍රයා පිලිබඳව ඔබ අසා තිබේද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

විශාලතම චන්ද්‍රයා පිලිබඳව පලවූ විදු වදන ඔබ කියවන්නට ඇති. බ්‍රහස්පතිගේ තවත් සඳක් වන අයිස් වලින් ආවරණය වූ Europa චන්ද්‍රයා පිලිබඳව ඔබ අසා තිබේද? එය සෞරග්‍රහ මන්ඩලයේ ඇති වඩාත්ම සුමට පෘෂ්ටයක් සහිත වස්තුවක් වන අතර එහි මතුපිට කඳු හෝ වෙනත් කැපී පෙනෙන භූ විද්‍යාත්මක ලක්ෂණ නොමැත. ගැලීලියෝ විසින් බ්‍රහස්පතිගේ මෙම චන්ද්‍රයන් සොයාගත් අතර එය පාදක කරගනිමින් විද්‍යාඥයන් සූර්යයා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය වන අතර ග්‍රහලෝක එය වටේ කක්ෂගත වන බව සොයාගත්හ.