Science Insiderස්වාභාවික විද්‍යාව
ඇයි කිරි සුදු පැහැයෙන් දිස්වෙන්නේ?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබලා සමහරදෙනෙකු උදෑසනම කිරි වීදුරුවක් පානය කරනවා ඇති. ඔබ වීදුරුව තුල ඇති කිරි දෙස බැලූ විට ඔබට එහි පාට සුදු බව පෙනෙනවා ඇති. ඇයි කිරි සුදු පැහැයෙන් දිස්වෙන්නේ? කිරි සුදු පාටින් දිස්වීමට කිරිවල සංයුතිය බලපායි. කිරිවලින් 87% ක් පමණ ඇත්තේ ජලය වන අතර 13%ක් පමණ ප්‍රෝටීන හා වෙනත් මේද වලින් සෑදී ඇත. එළකිරි වල ඇති ප්‍රධාන ප්‍රෝටීනය වන්නේ කේසීන්ය. කේසීන් ප්‍රෝටීනය හා අඩංගු වෙනත් මේද වර්ග දෘශ්‍ය වර්ණාවලියේ බොහෝ තරංග ආයාමවල පරාවර්තනය කරයි. දෘශ්‍ය වර්ණාවලියේ පාට 7ම පරාවර්තනය වන නිසා කිරි සුදු පැහැයක් ගනී.