Science Insiderස්වාභාවික විද්‍යාව
ඔබ බොහෝ දෙනෙක් එදිනෙදා ආහාර පිසීමට නොඇලෙන සුළු බඳුන් (non-stick) යොදාගන්නවා ඇති. එම නොඇලෙන සුළු බඳුන් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍යය කුමක්ද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ බොහෝ දෙනෙක් එදිනෙදා ආහාර පිසීමට නොඇලෙන සුළු බඳුන් (non-stick) යොදාගන්නවා ඇති. බඳුනට ආහාර නොඇලෙන නිසා ඉතා රසවත්ව ආහාර පිස ගැනීමට හැකිවේ. එම නොඇලෙන සුළු බඳුන් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍යය කුමක්ද?
ඔබ බහුඅවයවික (polymers) ගැන දන්නවාද? ග්‍රීක බසින් “poly” යනු “බොහෝ” වන අතර “mer” යනු “කොටස්” වේ. බහුඅවයවික යනු පුනරාවර්තී ඒකාවයවික වලින් සැදුම්ලත් විශාල අණුක ස්කන්ධ සහිත සංයෝග වේ. නොඇලෙනසුලු බඳුන් වල ආලේප කර ඇත්තේ ටෙෆ්ලෝන් හෙවත් PTFE (පොලි ටෙට්‍රා ෆ්ලුවොරො එතිලීන්)ය. එය කාබන් හා ෆ්ලුවොරීන් වලින් සමන්විත දිගු දාමයක් වේ. කාබන්-කාබන් හා කාබන්-ෆ්ලුවොරීන් බන්ධන ඉතා ශක්තිමත් වේ.තවද ටෙෆ්ලොන් නිශ්ක්‍රිය වන අතර එහි ද්‍රවාංකය ඉතා ඉහලයි. මෙම හේතුන් නිසා නොඇලෙන සුලු බඳුන් වල ඉතා රසවත්ව අහාර පිසීමට හැකීවේ.