Science Insider

අයිස් කැට දිය වෙන්නේ කොහොමද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

අයිස් කැටය දිය වෙන්නේ පරිසරයේ ශක්තිය අවශෝෂණය කරගෙනයි. සීතල වතුරේ ඝනත්වය සාමන්‍ය වතුරට වඩා වැඩි නිසා , සාමාන්‍ය වතුර සහිත වීදුරුවේ අයිස් කැටය දිය වීමෙන් පසු ලැබෙන සීතල ජලය පහලට යයි.එවිට පහල ඇති සාමාන්‍ය, උණුසුම වැඩි ජලය මගින් ඉහල ඇති ජලය ප්‍රතිස්ථාපනය වේ. නමුත් ලුණු වතුර සහිත වීදුරුවේදී එය එසේ සිදු නොවෙයි. ලුණු වතුර සාමන්‍ය වතුරට වඩා ඝනත්වයෙන් වැඩි බව ඔබ දන්නා කරුණකි.මෙම හේතුව නිසා අයිස් දිය වූ පසු ලැබෙන සීතල ජලය ලුණු වතුර මත පාවෙමින් ස්ථරයක් සාදයි. එවිට ලුණු වතුර සහිත වීදුරුවේ ඇති අයිස් කැටය වට වී ඇත්තේ සීතල ජලයෙන් මිස සාමන්‍ය වතුර ඇති වීදුරුවේ මෙන් උණුසුම් ජලයෙන් නෙවෙයි.එමනිසා සාමන්‍ය ජලය සහිත වීදුරුවේ ඇති අයිස් කැටය වඩා ඉක්මනින් දිය වේ.

Author

Related Articles

Back to top button