ඔබ නෑම අවසන් කර නාන ස්ථානයෙන් පිටතට ගිය විට සීතලක් දැනීමට හේතුව කුමක්ද ?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)
උදෑසන උණුසුම් වතුරෙන් නෑම ඔබව ප්‍රබෝධමත් කරලීමට සමත් වේ. එනමුත් ඔබ නාන ස්ථානයෙන් ඉවතට ගිය විට ඔබට ඉතාමත් සීතලක් දැනේ. මෙලෙස ඔබ නෑම අවසන් කර නාන ස්ථානයෙන් පිටතට ගිය විට සීතලක් දැනීමට හේතුව පැහැදිලි කරන්න.
ඔබට ස්නානයෙන් පසුව පිටතට පැමිණි විට ඔබේ සිරුරේ ජල බිංදු ඇලී තිබෙනවා දැක ගත හැක. මෙලෙස ඇඟේ ඇලී ඇති ජල බිංදු වාශ්ප වීම සිදුවේ. ජලය වාශ්ප වීම සදහා එයට තාපය උරාගැනීමට අවශ්‍යය. වාශ්ප වීමට අවශ්‍ය තාපය උරාගනු ලබන්නේ ඔබේ ශරීරයෙනි. එමෙන්ම ජලය වාශ්ප වීමට අවශ්‍ය තාපය ඉතා ඉහල වේ. එබැවින් ඔබේ ශරීරයෙන් තාපය විශාල ප්‍රමානයක් ඉවත් වේ. ඊට අමතරව ඔබ නාන ස්ථානයේ වාතය තෙත් හා උණුසුම් වන නමුත් පිටත වාතයේ එතරම් ආර්ද්‍රතාවයක් නැත. එබැවින් ඔබේ ශරීරයෙන් ජලය ඉක්මනින් වාශ්ප වී ඔබට වැඩි සීතලක් දැනේ.
Author
-
විද්‍යා අධ්‍යාපන හා ව්‍යාප්ති ඒකකය ජාතික මූලික අධ්‍යයන ආයතනය හන්තාන පාර, මහනුවර