Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද යම් කිසි තීරණයක් ගැනීමට ඡන්දයක් තැබීම මිනිසුන්ට පමනක් සීමා වූවක් නොවන බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පාර්ලිමේන්තුවේදී යම් කිසි තීරණයක් ගැනීමට අමාත්‍යවරු ඡන්දයක් තියනු ලබයි. එත් ඔබ දන්නවාද යම් කිසි තීරණයක් ගැනීමට ඡන්දයක් තැබීම මිනිසුන්ට පමනක් සීමා වූවක් නොවන බව? සත්ව ලෝකයේද මෙය දැක ගත හැක. අප්‍රිකානු කැලෑ බල්ලන් මෙයට හොඳ නිදසුනකි. අප්‍රිකානු කැලෑ බල්ලන් ජීවත් වන්නේ යම් කිසි ප්‍රධානියෙකු යටතේ රංචු වශයෙනි. මෙම බල්ලන් දඩයම් කරනුයේද රංචු වශයෙනි. මොවුන් දඩයම් කිරීමට පෙර ඡන්දයක් තබා එකඟතාවයකට පැමිණේ. මොවුන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරනුයේ කිවිසීම මගිනි. කැලෑ බල්ලන්ගේ ප්‍රධානියා විසින් ඡන්දය ලබාදුන් තීරණය බොහෝවිට අනුමත වීම සිදුවේ. එහෙත් ප්‍රමාණවත් ඡන්ද මගින් ප්‍රධානියාගේ තීරණය පෙරළා දැමීමටද හැක.

Author

Related Articles

Back to top button