Science Insiderස්වාභාවික විද්‍යාව

හිස සෙලෙව්වද ඔබට ඉදිරියෙන් ඇති වචන ඔබට පැහැදිලිව පෙනෙන බව ඔබ දැක්කාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ මෙය කියවන විට ඔබේ හිස සෙමෙන් දෙපසට සොලවන්න. මෙලෙස හිස සෙලෙව්වද ඔබට ඉදිරියෙන් ඇති වචන ඔබට පැහැදිලිව පෙනෙන බව ඔබ දැක්කාද? ඔබ සෙලෙවුනද ඔබ ඉදිරියේ ඇති වචන ඔබට පැහැදිලිව පෙනීමට හේතුව කුමක්ද කියා ඔබ දන්නවාද? මෙය බැල්ම ස්ථායිකරණය(gaze stabilization) නමින් හැදින්වේ. අපි චලිත වෙමින් පැවතියද අපේ ශරීරයේ ඇති ස්වාභාවික හැකියාව මගින් අප අවධානය යොමු කරන වස්තුව පැහැදිලිව පෙනීමට සලස්වයි. ඔබ මෙම ලිපිය කියවීම අවධානය යොමු කල විට ඔබේ ඇස් මගින් මෙම ලිපිය ස්ථායිකරණය කරගනු ලැබීය. ඔබ ඔබේ හිස එක් දිශාවකට හැරවීමේදී ඔබේ අභ්‍යන්තර කණ මගින් මෙම චලනය හදුනාගනී. ඉන් පසුව ඔබ අවධානය යොමු කල වචන පැහැදිලිව පෙනීමට ඊට ප්‍රතිවිරුද්ධ නමුත් සමාන ප්‍රමානයක ඇස් වල චලනයක් ඔබේ හිස මගින් සිදුකරයි.

Author

Related Articles

Back to top button