Science Insiderපර්යේෂණ

ඔබේ කටහඬ පටිගත කර නැවත අසන විට එය ඔබේ සැබෑ කටහඩට වඩා වෙනස් හේතුව දන්නවාද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ කතාකරන විට ශබ්දය ඇසෙන්නේ මාර්ග දෙකකිනි. පලමුවැන්න වන්නේ, අනෙක් අයට ඔබේ කටහඬ ඇසෙන ආකාරයටම ඔබේ ශබ්ද තරංග කන්බෙරයට ලඟාවීමයි. මෙහිදී ස්වරතන්ත්‍ර මඟින් නිපදවෙන ශබ්දය බාහිරයේ සිට අභ්‍යන්තර කනට ළඟා වේ. දෙවන ආකාරය වන්නේ ස්වර තන්ත්‍ර මඟින් ඇතිවන කම්පනයද හිස්කබලට දැනීමයි. අස්ථි මඟින් රැගෙන යාමේදි අපට කටහඬේ සංඛ්‍යාතය අඩුවී ඇසේ. නමුත් ඔබ පටිගත කර කටහඬ ඇසීමේදී ඇසෙන්නේ වැඩි සංඛ්‍යාතයකිනි/high pitch. එයට හේතුව ඔබට ඇසෙන්නේ වාතය හරහා සම්ප්‍රේෂණය වන ශබ්ද තරංග පමණි. හිස්කබලේ අස්ථි කම්පනය වීමෙන් ඇතිවන ශබ්දය මඟහැරී ඇති බැවින් ඔබේ කටහඬ ඔබ සිතනාවට වඩා වෙනස්ව ඇසේ.

Author

Related Articles

Back to top button