Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ මීට පෙර අසා තිබෙනවාද ශබ්ද තරංග මගින් කුඩා වස්තූන් පාකිරීමට භාවිතා කරන බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

වර්තමාන ලෝකයේ ශබ්ද තරංග සමහර තාක්ෂණික උපාංග වල භාවිතා වේ. එත් ඔබ මීට පෙර අසා තිබෙනවාද ශබ්ද තරංග මගින් කුඩා වස්තූන් පාකිරීමට භාවිතා කරන බව? මෙලෙස කුඩා වස්තූ පාකිරීමට විශේෂ උපකරණයක් ඇති අතර එහි ශබ්ද ජනකයක් හා එම ශබ්ද පරවර්තනය වීමට පරාවර්තකයක්ද ඇත. ශබ්ද ජනකයෙන් නිපදවෙන ශබ්දය ගමන් කර පරාවර්තනය වීමෙන් ඇති ස්ථාවර තරංගයක් නිපදවේ. මෙම ස්ථාවර තරංගයේ පීඩනය අඩු හා වැඩි ස්ථාන ඇත. මෙම පිඩන අඩු හා වැඩි ස්ථාන දෙකක් අතර පීඩන වැඩි ස්ථානයට ඉහලින් කුඩා වස්තුවක් තැබූ විට එම වස්තුව දෙපස ඇති පීඩන අන්තරය නිසා ඉහලට බලයක් ඇතිවේ. මෙම බලය ගුරුත්ව බලයට වඩා වැඩි වූ විට වස්තුව පාවීම සිදුවේ.

Author

Related Articles

Back to top button