Science Insiderවිශේෂාංග
අපි ආහාර ගත් පසු ගුඩුස් යනවා නේද? එයට හේතුව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

අපි ආහාර ගත් පසු ගුඩුස් යනවා නේද? එයට හේතුව ඔබ දන්නවාද? ආහාර ජීර්ණ පද්ධතියේ ඉහල ඇති අතිරික්ත වාතය පිටකිරීමට අපේ ශරීරය හැඩ ගැසී ඇත්තේ ඒ ආකාරයෙනි. අපි ආහාර ගන්නා විට වාතය ආහාර ජීර්ණ පද්ධතියට ඇතුලු වේ. මෙම වාතය බොහෝවිට ආමාශය දක්වාම නොයන අතර අන්නශ්‍රෝතයෙහි ඉතිරි වේ. ඔබ ආහාර ගැනීම හෝ පානය කිරීම නිසා වාතය දිගටම ගිල දැමිමේදී එම එක්වූ වාතය ගුඩුස් ලෙස පිට වේ.
ගැස්ට්‍රයිටිස් සහිත පුද්ගලයන්ට මෙය වැඩියෙන් සිදුවන්නේ ඇයි කියා ඔබ දන්නවාද? අපේ ආමශයේ පටක ඉතා ඝනකම් වේ. බොහෝවිට අම්ල එයට හානි නොකරන නමුත් ගැස්ට්‍රයිටිස් ඇති විට එම පටක වලට හානිකර, තුවාල ඇතිකර දැවිල්ල ඇති කරයි. මෙම ආමාශයේ ඇතිවන තුවාල සඳහා වගකිවයුතු වන Helicobacter pylori නිසාද මෙම ගුඩුස් යෑම සිදුවේ.