Science Insiderස්වාභාවික විද්‍යාව
කුරුල්ලන් අහසේ කණ්ඩායමක් ලෙස පියාසර කිරීමේදී V ආකාරය ගෙන පියාසර කරන්නේ ඇයි?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

V ලෙස පියාසර කරන විට සෑම සාමාජිකයෙකුඅටම ඉදිරියෙන් පැහැදිලි පෙනුමක් ලබා දෙයි. මේ ආකාරයට පියාසර කරන විට වැයවෙන ශක්තියද අඩුවේ. කුරුල්ලෙකු පියාඹන විට පියාපත් පසුපස ඇති වාතය පහළට(downwash) තල්ලු වන අතර දෙපස ඇති වාතය ඉහළට (upwash) තල්ලු වේ. මෙමඟින් භ්‍රමණය වන වාසුළි ඇති වෙයි. මෙම upwash කලාපවල පියාඹන කුරුල්ලන්ට වායු ප්‍රතිරෝධය අඩු වීම නිසා වැඩි ශක්තියක් වැය නොකර දිගු දුරක් පියෑඹීම පහසු කරයි. ඉදිරියෙන්ම සිටින පක්ෂියා වැඩි වායු ප්‍රතිරෝධයකට මුහුණ දෙන බැවින් කුරුල්ලන් තම ස්ථානය මාරු කරගනිමින් නායකයන් ලෙස හැසිරෙයි. මෙය එක් එක් කුරුල්ලගේ ශක්තිය භාවිතා කරමින් නතර නොවී පියාසර කිරීමට ස්වභාවදර්මයේ යොදාගත් අපූර්ව උපක්‍රමයකි.