ඔබේ වියළි කෙස් මත ප්ලාස්ටික් පනාව අතුල්ලමින් කඩදාසි කැබලි අසල පනාව තිබ්බොත් කුමක් සිදුවේද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)
කොළයක් කුඩා කොටස් වලට කඩා ප්ලාස්ටික් පනාවක් එයට ඉහළින් ඇල්ලු විට කිසිවක් සිදුනොවේ. එනමුත් ඔබ එම පනාවම ඔබේ වියලි කොණ්ඩයේ අතුල්ලා එම කුඩා කොළ කෑලීවලට ඇල්ලූ විට කොළ කෑලී පනාවට ඇදී එනවා ඔබට දැකිය හැක. මෙම සංසිද්ධිය විද්‍යාත්මකව පැහැදිලි කරන්න.
සියලු වස්තු පරමාණු වලින් සෑදී ඇති අතර එහි ඉලෙක්ට්‍රෝන හා ප්‍රොටෝන අඩංගු වේ. බොහෝ ද්‍රව්‍ය ආරෝපණයක් රහිතය. එනම් එහි අඩංගු ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රොටෝන ගණනට සමානය. ඒ අනුව මුලදී ප්ලාස්ටික් පනාව හා කොල කෑලී ආරෝපනයක් රහිත වේ. එබැවින් කොල පනාවට ආකර්ෂණය නොවේ. ඔබ ප්ලාස්ටික් පනාව ඔබේ වියලි කොණ්ඩයේ ඇතිල්ලු විට ඔබේ හිසේ සිට පනාවට වැඩිපුර ඉලෙක්ට්‍රෝන ගලා ඇවිත් පනාව ඍණ ලෙස ආරෝපණය වේ. ඔබ මෙම ඍණව ආරෝපිත පනාව කොල කෑලී අසලට ගෙන ආ විට පනාවට මුහුණලා ඇති කොලවල පෘෂ්ඨය ධන බවට පත්වේ. එවිට ඍණ පනාව හා ධන කොල අතර ව්ද්‍යුත් බලයක් ඇතිවී කොල පනාව වෙතට ආකර්ෂණය වේ.
Author
-
විද්‍යා අධ්‍යාපන හා ව්‍යාප්ති ඒකකය ජාතික මූලික අධ්‍යයන ආයතනය හන්තාන පාර, මහනුවර