Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද ජංගම දුරකථන වලට කෙලෙසද රැහැන් නොමැති ආරෝපණය භාවිතා කරන්නේ කෙලෙසද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ජංගම දුරකථන ආරෝපණය කිරීමේ එක් ක්‍රමයක් වන්නේ රැහැන් නොමැති ආරෝපණයයි. ඔබ දන්නවාද කෙලෙසද රැහැන් නොමැති ආරෝපණය භාවිතා කරනුයේ? එක් ක්‍රමයක් වන්නේ විද්‍යුත්චුම්භක ප්‍රේරණයයි. ආරෝපණය කරන පරිපථයේ හා ජංගම දුරකථනයේ ප්‍රේරණ රැහැන එක් බැගින් ඇත. ආරෝපණය කරන පෘෂ්ඨය ප්ලග් කර ඇති විට එහි ඇති ප්‍රේරණ රැහැන තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරයි. මෙනිසා විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් හටගනී. ජංගම දුරකතනයේ ඇති අනෙක් ප්‍රේරණ රැහැන මෙම විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය අසලට ළං වූ විට එහි ධාරාවක් හටගනී. මෙම ධාරාවෙන් ජංගම දුරකථනය ආරෝපණය වේ.

Author

Related Articles

Back to top button