Science Insiderස්වාභාවික විද්‍යාව

බිස්කට් ටික වේලාවක් වාතයට නිරාවරණය කර තැබුවහොත් එම බිස්කට් පෙගෙන්නේ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ බිස්කට් ටික වේලාවක් වාතයට නිරාවරණය කර තැබුවහොත් එම බිස්කට් පෙගුණු තත්වයකට පත් වන බව ඔබ නිරීක්ෂණය කර තිබෙනවා ඇති. එනමුත් ඔබ පාන් මෙලෙස වාතයට යම් වේලාවක් නිරාවරණය කර තැබුවහොත් පාන් යම් හයිවීමකට භාජනය වේ.

බොහෝ බිස්කට් නිපදවීමේදී එහි පවතින වතුර ඉවත් වීම සිදුවේ. ඒ අනුව සාමාන්‍යයෙන් වායුගෝලයේ පවතින ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා බිස්කට් වල ජල වාෂ්ප සාන්ද්‍රණය අඩුය. එබැවින් බිස්කට් ස්පොන්ජ් එකක් වැනි ආකාරයට ක්‍රියා කර වායුගෝලයෙන් වාෂ්ප අවශෝෂණය කරනු ලබයි. මෙමගින් බිස්කට් පෙගීම සිදුවේ. එනමුත් පාන් නිපදවීමේදී එහි අඩු ජල ප්‍රමාණයක් පමණක් ඉවත් වේ. ඒ අනුව වායුගෝලයේ ජල සාන්ද්‍රණයට වඩා පාන් වල ජල සාන්ද්‍රණය වැඩිය. එබැවින් පාන් වාතයට යම් වේලාවක් නිරාවරණය කර තැබුවහොත් පාන් වලින් ජලය වාතයට ගමන් කරයි. මෙනිසා පාන් හයිවීම සිදුවේ. මීට අමතරව බිස්කට් වල සීනි ප්‍රමාණය පාන් වල ඇති සීනී ප්‍රමාණයට වඩා වැඩිය. සීනී සාමාන්‍යයෙන් ජලය උරාගනී. මෙනිසා බිස්කට් වැඩි ජල ප්‍රමාණයක් අවශෝෂණය කර පෙගීමට භාජනය වේ.

Author

Related Articles

Back to top button