Science Insiderස්වාභාවික විද්‍යාව
අපේ ඇසේ කෙලවරේ රෝස පාට ගෝලයක් වගේ ඇත්තේ කුමක්දැයි ඔබ කල්පනා කර තිබෙනවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

අපේ ඇසේ කෙලවරේ රෝස පාට ගෝලයක් වගේ ඇත්තේ කුමක්දැයි ඔබ කල්පනා කර තිබෙනවාද? එය lacrimal caruncle ලෙස හඳුන්වයි. ඇසේ තෙතමනය තබා ගැනීමට හා බැක්ටීරියා වලින් ආරක්ෂා කිරීමට තෙල් හා දහඩිය ග්‍රන්ථි මෙහි අඩංගු වේ. තවද ඔබ දැක තියෙනවාද ඇසේ අයිනේ කුඩා සිදුරක් තිබෙන බව? එය lacrimal punctum වේ. එමඟින් ඇසේ කඳුලු නාස් කුහරය තුලට රැගෙන යයි. අපි අඬන විට වියළිව තිබූ නාසය තෙත් වන්නේ ඇයි කියලා දැන් ඔබට වැටහෙන්නට ඇති.