Science Insiderපර්යේෂණස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද කොහොමද ආසාත්මිකතා ඇතිවන්නේ කියා?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

බොහෝ දෙනෙකුට රටකජු කෑම ඉතා ප්‍රණීත ආහාරයක් වුවද රටකජු වලට ආසාත්මිකතා ඇති අයට එය ආහාරයට ගැනීම ඉතා බියකරු සිහිනයක් වේ. බොහෝ දෙනා දන්නවා සම කැසීම,අධික කඳුළු ගැලීම,සොටු බේරීම වැනි ලක්ෂණ ආසාත්මිකතා නිසා ඇතිවන බව.එනමුත් ඔබ දන්නවාද කොහොමද ආසාත්මිකතා ඇතිවන්නේ? ඔබව ආරක්ෂා කිරීමේ කාර්යයෙහි නියැලෙන ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආසාත්මිකතා ඇතිකිරීම කෙරෙහි වගකිව යුතුවේ.උදාහරණයක් ලෙස මල් පරාගවලට ආසාත්මික ඇතිවන පුද්ගලයෙකු ගනිමු.මෙම පුද්ගලයා මල් පරාග ආශ්වාස කල විට ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මල් පරාග ශරීරයට අහිතකර දෙයක් බවට වරදවා වටහාගෙන හිස්ටැමින් නම් රසායනිකය නිපදවයි. හිස්ටැමින් මගින් ඉදිමීම් හා දැවිල්ලක් ඇතිකර පෙර සදහන් කල ලක්ෂණ ඇතිකරයි.

Author

Related Articles

Back to top button