Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද තමන්ගේ සිරුරේ ඇති ඇටකටුවක් නියක් ලෙස දික් කිරීමට හැකි ගෙම්බෙක් ඉන්න බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

බොහෝ යොවුන් වියේ පුද්ගලයන් X-men චිත්‍රපටිවල සිටින වොල්වරීන් දැක තිබෙනවා ඇති. මෙලෙස තමන්ගේ හමෙන් නිය ඉවතට ගැනීමට හැකිනම් කෙතරම් පුදුම සහගත දෙයක් වනවා ඇත්ද. ඔබ දන්නවාද තමන්ගේ සිරුරේ ඇති ඇටකටුවක් නියක් ලෙස දික් කිරීමට හැකි ගෙම්බෙක් ඉන්න බව? හෙයාරි ගෙම්බා(Trichobatrachus robustus)මෙම ගෙම්බි විශේෂය වේ. හෙයාරි ගෙම්බාට තමන්ගේ අස්ථිය කඩා ගෙම්බාගේ කකුල අසලින් ඉවතට දික් කිරීමට හැකියාව ඇත. ගෙම්බා යම් තර්ජනයකට මුහුණ පෑ විට මෙලෙස සිදුකරයි. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට මෙම අස්ථිය නැවත සෙමින් ඇඟ තුලට පැමිණේ.

Author

Related Articles

Back to top button