Science Insiderවිශේෂාංග
ඇඟේ යම් තැනක් කසන විට එතැන කැසීම මගින් ඔබට සහනයක් ඇති වෙනවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඇඟේ යම් තැනක් කසන විට එතැන කැසීම මගින් ඔබට සහනයක් ඇති බව අප මීට පෙර පැවසුවා මතකද? එත් ඔබට පුළුවන්ද කැසීමෙන් එම කසන ආශාව නැත්තටම නැති කිරීමට. බැහැ නේද, ඊට අමතරව කැසීම මගින් නැවත කැසීමට ඇති ආශාව දෙගුණ තෙගුණ වී පැමිණේ. ඇයි මෙලෙසින් සිදුවන්නේ? ඔබ කසන විට ඇතිවන මෘදු වේදනාව නිසා ඇඟ මගින් Serotonin නම් වේදනා නාශකයක් නිදහස් කරයි.Serotonin කැසීම උත්තේජනය කරන සංවේදක සදහා උත්තේජකයක් ලෙස ක්‍රියාකර කැසීමට ඇති ආශාව වැඩිකරයි.