Science Insiderස්වාභාවික විද්‍යාව

මී මැස්සන් එළවීමට දුම් ගසන්නේ ඇයි ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබේ නිවසේ වහලේ මී මැස්සන් මී වදයක් බැන්ද විට ඔබ එය කඩා ඉවත් කිරීමට කටයුතු කරනවා ඇති. මෙලෙස කැඩීමට පෙර මී වදයට දුම් ගැසීම සිදුකරනවා ඔබ දැක තිබිය හැක. එත් කෙලෙසින්ද දුම ඇති විට මී මැස්සන් ඔබට පහර නොදෙන්නේ? දුමක් ඇති විට එය ලැව් ගින්නක් ලෙස මී මැස්සන් වරදවා වටහාගනී. එවිට ඔවුන් එම ස්ථානයෙන් මිදී වෙන ස්ථානයකට පලා යෑමට ඔවුන් එම වදයේ ඇති පැණි වලින් බඩ පුරවා ගනී. ඔවුන් පැණි වලින් බඩ පුරවා ගත්විට ඔවුන් මත්වීමක් සිදුවේ. මෙනිසා ඔවුන් ඔබට පහර නොදේ. එමෙන්ම යම් ආගන්තුකයෙකු පැමිණි විට මී මැස්සන් අනෙක් මී මැස්සන්ට අනතුරු අඟවනුයේ රසායනිකයක් ස්‍රාවය කිරීමෙනි. දුම මගින් මෙම රසායනිකයක වැසීම නිසා අනෙක් මී මැස්සන්ට අනතුරු ඇඟවීමද සිදු නොවේ.

Author

Related Articles

Back to top button