Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද ගුවන්තොටුපොළවලදි ඔබේ බෑගය පරික්ෂාවට ලක්වනුයේ කෙසේද කියා?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ ගුවන් යානයකින් විදෙස්ගතව තිබේනම් ගුවන්තොටුපොළවලදි සිදුකරන පරීක්ෂා කිරීම් ඔබ අත්විඳ ඇත. ගුවන් තොටුපලවලදි පළමුව ඔබේ ගමන්මළු පරීක්ෂා කරනු ලබයි. මේ සදහා ඔබේ ගමන් මළු උපකරණයක් තුලින් යවනු ලබයි. ඔබ දන්නවාද ඔබේ බෑගය පරික්ෂාවට ලක්වනුයේ කෙසේද කියා? ඔබේ බෑගය යවන ලද උපකරණය X කිරණ උපකරණයක් වේ. මෙහි එක් පැත්තකින් ඉහළ ශක්ති හා අඩු ශක්ති X කිරණ විමෝචනය කරන අතර අනෙක් පැත්තෙහි අනාවරකයක් ඇත. වස්තු ඉහළ ශක්ති හෝ අඩු ශක්ති X කිරණ එම වස්තුවේ ඝනත්වය මත පදනම්ව අවශෝෂණය කරයි. අනාවරකයේ පතිතවන X කිරණ පදනම් කරගනිමින් රූපයක් පරිගනක තිරය මත ගොඩ නැගේ. මෙම රූපයේ වස්තුවේ හැඩය මෙන්ම එහි ඝනත්වය විවිධ වර්ණ භාවිතයෙන් පෙන්නුම් කෙරේ.

Author

Related Articles

Back to top button