Science Insiderස්වාභාවික විද්‍යාව
සූර්යාලෝකය මඟින් හිසකෙස් විවර්ණ කරන නමුත් සම කළු වෙන්නේ ඇයි කියලා ඔබ කල්පනා කර තිබෙනවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

සූර්යාලෝකය මඟින් හිසකෙස් විවර්ණ කරන නමුත් සම කළු වෙන්නේ ඇයි කියලා ඔබ කල්පනා කර තිබෙනවාද? මෙම අවස්ථා දෙකේදීම හිරුගේ පාරජම්බුල කිරණ මඟින් හිසකෙස් වල හා සමෙහි ඇති මෙලනින් වර්ණකය බිඳ දැමීම සිදුකරයි. නමුත් වර්ණ වෙනසට හේතුව වන්නේ සමේ ජීවි සෛල තිබීමත්, හිසකෙස් වල අජීවී සෛල තිබීමත්ය. හිසකෙස් වල ඇති මෙලනින් වර්ණකය බිඳෙන විට නැවත හිසකෙස් වැවෙන තුරු බිඳ වැටුනු මෙලනින් වර්ණක ජනනය නොවෙයි. නමුත් සමෙහි මෙලනින් වර්ණක බිඳ වැටුනද සම මඟින් නව සෛල නිපදවන නිසා වැඩිපුර මෙලනින් වර්ණක නිර්මාණය වීමෙන් සමේ පැහැය අඳුරු වේ.