Science Insiderපර්යේෂණස්වාභාවික විද්‍යාව

වියළි අයිස් වතුරට දැමූ විට විශාල දුමාරයක් පිට වෙනවා ඔබ දැක තිබෙනවාද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

චිත්‍රපටිවල හෝ විඩියෝපටිවල මිනිසුන් වියළි අයිස් වතුරට දැමූ විට විශාල දුමාරයක් පිට වෙනවා ඔබ සමහරවිට දැක තිබිය හැක. වියළි අයිස් යනු ඝන CO2 ය. ඝන CO2 ජලයට දැමු විට දුමාරයක් ඇතිවන්නේ කෙලෙසදැයි ඔබ සිතා බලා තිබේද? සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍යයකට තාපය සැපයූ විට එය ද්‍රව බවට පත්වේ. උදාහරණයක් ලෙස අයිස් ද්‍රව ජලය බවට පත්වේ. එනමුත් ඝන CO2 වලට තාපය සැපයු විට එය ද්‍රව නොවී කෙලින්ම CO2 වායුව බවට පත්වේ. මෙලෙස ඝනයක් ද්‍රව නොවී කෙලින්ම වාශ්ප වීම උර්ධවපාතනය නම්වේ. එ අනුව වියලි අයිස් ජලයට දැමූ විට වියලි අයිස් ජලයෙන් තාපය ලබාගෙන CO2 වාශ්පය බවට පත්වේ. මෙම CO2 වාශ්පය දුමාරයක් ලෙස අප නිරීක්ෂණය කරයි.

Author

Related Articles

Back to top button