Science Insiderස්වාභාවික විද්‍යාව

ගිජුලිහිණියා වැනි සතුන්ට ආහාර විෂවීමක් සිදුනොවන්නේ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

බඩේ අමාරුවක් ඇතිවීමට පවතින ප්‍රධාන හේතුවක් වන්නේ කල් ඉකුත් වූ හෝ පරණ ආහාර ආහාරයට ගැනීමය. අපි එක් පරණ ආහාරයක් ආහාරයට ගත් විට බඩේ අමාරුවක් ඇති විය හැකි නමුත් ගිජුලිහිණියා වැනි සත්වයන්ගේ ආහාර මෙනුව වන්නේ මෙලෙස ආසාධනය වූ මැරුණු මළසිරුරුය. මෙලෙස ආසාධනය වූ ආහාර ආහාරයට ගත්තද ගිජුලිහිණියා වැනි සතුන්ට ආහාර විෂවීමක් සිදුනොවන්නේ ඇයි? අපේ ආමාශයේ මෙන්ම ගිජුලිහිණියාගේ ආමාශයේද අම්ලයක් ඇත. එනමුත් එහි වෙනස වන්නේ අපේ ආමාශයේ ඇති අම්ලයට වඩා ගිජුලිහිණියාගේ ආමාශයේ ඇති අම්ලය ඉතා ආම්ලික වීමයි. ගිජුලිහිණියාගේ ආමාශයේ ඇති අම්ලය ඉතා විඛාදක වන බැවින් මැරුණු සත්වය තුල සිටින බැක්ටිරීයා හා ඇතම් ආසාධනකාරකයන් විනාශ වීම සිදුවේ. මෙමගින් ආහාරය ජීර්නය සදහා සුදුසු වේ.

Author

Related Articles

Back to top button