Science Insiderස්වාභාවික විද්‍යාව

කන්දක් නැගීමකින් හෝ අධික ව්‍යායාමයකින් පසුව කකුල් රිදෙන්නේ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබලා සමහරදෙනෙකුගේ ප්‍රියතම ක්‍රියාකාරකම කඳු නැගීම විය හැක. කඳු නැගීමකින් පසුව සමහරදෙනෙකුට ඔවුන්ගේ කකුල් රිදෙන බවක් දැනේ. කන්දක් නැගීමකින් හෝ අධික ව්‍යායාමයකින් පසුව ඇයි මෙලෙස කකුල් රිදීම සිදුවන්නේ? ඔබේ පේශී සෑදී ඇත්තේ කුඩා අන්වීක්ෂීය තන්තු මගිනි. ඔබ ව්‍යායාම කරන විට මෙම තන්තු සංකෝචනය වේ. මෙම පේශි තන්තු එකවිටම සංකෝචනය වන විට පේශිය සංකෝචනය වේ. ඔබ හදිසියේම ව්‍යායාම කිරීමට පටන් ගත් විට ඔබේ පේශි තන්තු වල කුඩා අණ්වීක්ෂීය ඉරීම් ඇති විය හැක.මෙම අණ්වීක්ෂීය ඉරීම නිසා දැවෙන බවක් දැනේ. මෙම දැවෙන බව නිසා වේදනා ප්‍රතිග්‍රාහක සක්‍රීය වේ. එබැවින් ඔබට සුළු වේදනාවක් දැනේ.

Author

Related Articles

Back to top button