Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද කුරුල්ලන්ගේද ගොගල්ස් කුට්ටමක් ඇති බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පිහිනීමට යෑමේදී ඔබලා බොහෝ දෙනා ඔබේ ඇස් ජලයෙන් හා එහි අඩංගු රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා කරගැනීමට ගොගල්ස් භාවිතා කරනවා ඇති. ඔබ දන්නවාද කුරුල්ලන්ගේද ගොගල්ස් කුට්ටමක් ඇති බව? මෙය නිමිලන පටලය නම් වේ. මිනිසුන්ගේ මෙන් කුරුල්ලන්ගේද ඉහල හා පහල ඇස්පිය ඇත. පහල ඇස්පියට පිටුපසින් මෙම නිමිලන පටලය ඇත. නිමිලන පටලය පාරදෘශ්‍ය පටලයක් වන අතර එමගින් ඇස දුවිල්ලෙන්, සුළඟින් ආරක්ෂා වේ. මෙම නිමිලන පටලය කුරුල්ලන්ට පමණක් සීමා නොවේ. උභයජිවීන් හා සමහර මැමේලියාවන්ගේද මෙම නිමිලන පටලය ඇත.

Author

Related Articles

Back to top button