Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද ශාක වර්ධනය සදහාද උපකාරී වන රොබෝවරුන් සිටින බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

දිනෙන් දින දියුණු වෙමින් පවතින ලෝකයේ රොබෝවරුන් අනාගත විද්‍යාවේ එක් ක්ෂේත්‍රයක් ලෙස සැලකේ. මිනිසුන්ගේ එදිනෙදා කටයුතු පහසු කරගැනීමට රොබෝවරුන් උපකාරී වන බව ඔබ සමහරවිට දැක තිබිය හැක. එත් ඔබ දන්නවා ශාක වර්ධනය සදහාද උපකාරී වන රොබෝවරුන් සිටින බව? ඉලෝවන් නම් රොබෝ ඉන් කෙනෙකි. ඉලෝවන් යනු ශාකයත් සමග බැදුනු රොබෝ කෙනෙකි. සාමාන්‍යයෙන් ආලෝකය, ගුරුත්වය වැනි ශාකයට බලපාන පාරිසරික සාධක මගින් ශාකයේ පටක උත්තේජනය කරයි. ඉලෝවන් රොබෝ මෙවැනි පටකවලට ඉලෙක්ට්‍රෝඩ මගින් සම්බන්ධ කරයි. ශාකය මගින් දැනෙන උත්තේජය රොබෝ මගින් කියවා ඊට අනුව ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස ශාකයේ පටක ආලෝකය අඩූ වීම නිසා උත්තේජය වුවුහොත් මෙලෙස ලැබෙන උත්තේජය රොබෝ මගින් කියවා ආලෝක ප්‍රභවයකට ගමන් කරයි. මේ අනුව අනාගතයේදී ශාකයට පෝෂණය සැපයීම, කෘමීන්ගෙන් ආරාක්ෂාව සැපයීමට හැකි රොබෝවරුන් බිහිවනු ඇත.

Author

Related Articles

Back to top button