Science Insiderස්වාභාවික විද්‍යාව
කොට්ටයේ අනිත් පැත්ත ඔබ හිස තැබූ පැත්තට වඩා සිසිලස වන්නේ ඇයි ?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

විඩාබර දිනයකින් පසුව ඔබ නිදාගැනීමට යයි. ටික වේලාවක් ගියද ඔබට නින්ද යෑමක් නැත. ඔබ ඔබේ කොට්ටයේ පැත්ත මාරු කරයි. නැවත කොට්ටයේ හිස තැබු විට කොට්ටයේ එම පැත්තේ ඇති සිසිලස ඔබට දැනේ. එත් ඇයි කොට්ටයේ එම පැත්ත ඔබ හිස තැබූ පැත්තට වඩා සිසිලස වන්නේ? සාමාන්‍යයෙන් ඔබේ ඇඟෙන් තාපය නිදහස් වේ. විද්‍යාඥයන්ට අනුව ඔබේ හිසෙන් වැඩි තාප ප්‍රමාණයක් නිදහස් වේ. මෙම තාපය කොට්ටය විසින් උරාගනී. සාමාන්‍යයෙන් බොහෝ කොට්ට සාදා ඇති ද්‍රව්‍ය හොදින් තාපය සන්නායනය නොකරන බැවින් කොට්ටයේ අනෙක් පැත්ත රත් නොවේ. එය කාමර උෂ්ණත්වයේම පවතී. මෙනිසා ඔබට කොට්ටයේ අනෙක් පැත්ත සිසිලස වේ.