Science Insiderස්වාභාවික විද්‍යාව
සුදු ලූනු ආහාරයට ගැනීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

සුදු ලූනු ආහාරයට ගැනීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද? බොහෝ දෙනා සුදු ලූනු ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් නොදක්වයි. එත් ඔබ දන්නවාද සුදු ලූනු මගින් ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කර ගත හැකි බව? සුදු ලූනු වල ඇලීන් නම් සංයෝගයක් ඇත. සුදු ලූනු පොඩිකල විට මෙම ඇලීන් අස්ථායි සංයෝගයක් බවට පරිවර්තනය වේ. මෙම අස්ථායි සංයෝගය සල්පර් අඩංගු විවිධ සංයෝග බවට පත්වේ. මෙම සංයෝග ඔබේ ප්‍රතිශක්තීකරන පද්ධතිය වැඩි දියුණු කිරීම සදහා හේතුවේ.