Science Insiderස්වාභාවික විද්‍යාව

නැවුම් බිත්තර ජලයේ පාවීමටද කුණු බිත්තර ජලයේ ගිලීමටද හේතුව දන්නවාද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

නැවුම් බිත්තර කුණුවූ බිත්තර වලින් හදුනාගැනීමට ඒවා ජලයේ පෙගවිය යුතු බව ඔබට මතක ඇති. මෙහිදී නැවුම් බිත්තර ජලයේ ගිලෙන අතර කුණුවූ බිත්තර පාවීම සිදුවේ. නැවුම් බිත්තර ජලයේ පාවීමටද කුණු බිත්තර ජලයේ ගිලීමටද හේතුව විද්‍යාත්මකව පැහැදිලි කරන්න.

නැවුම් බිත්තරයක බිත්තර කහ මදය බිත්තර සුදු මදය හා වෙනත් ද්‍රව්‍ය බිත්තර කටුව තුල අඩංගුය. බිත්තරයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි වන ආකාරයට බිත්තරය තුල ද්‍රව්‍ය ඇත. එබැවින් නැවුම් බිත්තර ජලයේ ගිලේ. බිත්තරයක් කුණුවීමට පටන් ගැනීම්ට පටන් ගන්නා විට බිත්තරය තුල ඇති ද්‍රව්‍ය වියෝජනය වේ. වියෝජනය මගින් සමහර ඝණ/ද්‍රව ද්‍රව්‍යය වායු බවට පත්වේ. බිත්තර කටුවේ කුඩා සිදුරු ඇති අතර එමගින් බිත්තරය තුල ඇති වායු වායුගෝලයට පිටවේ. ප්‍රමාණවත් වායු ප්‍රමාණයක් වායුගෝලයට පිටවූ විට බිත්තරයේ ඝණත්වය ජලයේ ඝණත්වයට වඩා අඩුවීම සිදුවේ. එබැවින් කුණු වූ බිත්තරය පාවීම සිදුවේ.

 

Author

Related Articles

Back to top button