Science Insiderපර්යේෂණස්වාභාවික විද්‍යාව

කෙසේද මාළුන් ජලයේ නොගිලී ඉන්නේ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ ඇණයක් වතුරට දැමූ විට ඇණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා එය ගිලේ. ඔබලා සියලුදෙනාම දන්නවා ජලයේ ඝනත්වයට වඩා වැඩි වස්තුවක් ජලයට දැමූ විට එය ගිලෙන බව. බොහෝ මාළුන් ජලයට වඩා ඝනත්වයෙන් වැඩිය. එනමුත් කෙසේද මෙම මාළුන් ජලයේ නොගිලී ඉන්නේ? ජලයේ නොගිලීමට සමහර මාළුන්ට පිහිනුම් මල්ල නම් අවයවයක් ඇත. මාළුවාගේ ආමාශය අසල මෙම පිහිනුම් මල්ල පිහිටන අතර එය වාතයෙන් පිරුණු බැලුන් හැඩැති කුහරයකි. පිහිනුම් මල්ල තුල පවතින වායු පරිමාව වෙනස් කිරීමේ හැකියාව මාළුවාට ඇත. මෙමගින් මාළුවා තමන්ගේ ඝනත්වය වෙනස් කිරීම සිදු කරයි. මෙලෙස තමන්ගේ ඝනත්වය වෙනස් කරමින් මාළුවා නොගිලී සිටී.

Author

Related Articles

Back to top button