Science Insiderස්වාභාවික විද්‍යාව

අත් කාචයක් ආධාරයෙන් සුර්යාලෝකය කඩදාසි කැබැල්ලකට යොමු කර තිබේද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ ළමා කාලයේදී අත් කාචයක් ආධාරයෙන් සුර්යාලෝකය කඩදාසි කැබැල්ලකට යොමු කිරීම සිදුකර තිබිය හැක. මෙහිදී කඩදාසියේ කුඩා ආලෝක ලපයක් දැක ගත හැක. මෙලෙස ටික වේලාවක් අත් කාචය අල්ලාගෙන සිටින විට කඩදාසිය දහනය වීම සිදුවේ. මෙලෙස කඩදාසිය දහනය වීමට හේතුව ඔබට සිතා ගත හැකිද? අප සුර්යා දෙස බලන විට එයින් නිකුත් වන ආලෝක කිරණ දැක ගත හැකිය. මීට අමතරව අපට සුර්යයාගෙන් නිකුත් වන තාප විකිරණද දැනේ. මේ අනුව අපට සුර්යයාගෙන් ආලෝක ශක්තිය මෙන්ම තාප ශක්තියද ලැබේ. ඔබ අත් කාචයක් භාවිතා කරන විට තාප විකිරණ අත් කාචය තුලින් ගමන් කර අත් කාචයේ නාභියේ සාන්ද්‍රණය වීම සිදු වේ. කඩදාසිය අත් කාචයේ නාභියේ තබා ඇති විට තාප විකිරණ කඩදාසියේ එම ප්‍රදේශයේ එක් රැස් වී එහි උෂ්ණත්වය වැඩිවේ. මෙම උෂ්ණත්වය දහන උෂ්ණත්වයට ළඟා වූ විට කඩදාසිය දහනය වීම සිදුවේ.

Author

Related Articles

Back to top button