සැබෑ ජිවිතයේදී ක්ෂණිකව භය වීමක් (Panic Attack) ඔබ අත් විඳ තිබෙනවාද ?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)
චිත්‍රපටි වල හෝ සැබෑ ජිවිතයේදී යමෙකු ක්ෂණිකව භය වීමක් (Panic Attack) නිසා වේගයෙන් හුස්ම ගැනීම සිදුකරනවා ඔබ සමහරවිට දැක ඇති. එවිට වෙනත් පුද්ගලයෙකු ඔහුට කඩදාසි බෑගයක් දෙනු ඇත. වේගයෙන් හුස්ම ගන්න පුද්ගලයා කඩදාසි බෑගයට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී මෙම තත්වය ක්‍රමයෙන් පහව යයි. මෙවැනි තත්වයකදී වේගයෙන් හුස්ම ගැනීමෙන් කැරකැවිල්ලක හැඟීමක් දැනීමටත් හේතුව පැහැදිලි කරන්න.
යමෙකුට ක්ෂණිකව බියක් ඇති වී වේගෙයෙන් හුස්ම ගැනීම හයිපර්වෙන්ටිලේෂණ් නම් වේ. යම් පුද්ගලයෙකුට මෙවැනි තත්වයක් ඇති වූ විට ඔහු/ඇය වේගෙයෙන් හා ගැඹුරුව හුස්ම ගැනීම සිදු කරයි. මෙමගින් රුධිරයේ ඇති ඔක්සිජන් මට්ටම ඉහල ගොස් රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් මට්ටම් පහළ යෑමට හේතුවේ. ඔබේ රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් මට්ටම පහළ වැටුණ විට ඔබේ මොළයට රුධිරය සපයන ධමනි සංකූචනය වේ. මෙමගින් මොළයට සපයන රුධිර ප්‍රමානය සීමාවේ. මෙය කැරකැවිල්ලට හා කලන්තයට වැනි ලක්ෂණවලට හේතුවේ.
Author
-
විද්‍යා අධ්‍යාපන හා ව්‍යාප්ති ඒකකය ජාතික මූලික අධ්‍යයන ආයතනය හන්තාන පාර, මහනුවර