Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද සමහර කුරුල්ලන්ට පියාඹන අතරතුර නිදාගැනීමට හැකි බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඇවිදිමින් නිදාගැනීම අපහසු බව ඔබලා සියලු දෙනාම මෙන් පිළිගන්නවා ඇති. එනමුත් ඔබ දන්නවාද සමහර කුරුල්ලන්ට පියාඹන අතරතුර නිදාගැනීමට හැකි බව? ග්රේට් ෆ්රිගේට් කුරුල්ලා මෙම හැකියාව සහිත එක් විශේෂයකි. එනමුත් මෙම කුරුල්ලන් නින්දෙන් පියාසර කිරීමේදී බාධක වල නොගැටෙනුයේ කෙසේද? ඩොල්පින් මෙන් මොවුන්ද මොළයේ එක් අර්ධගෝලයක් පමණක් නිදාගැනීමට ඉඩදේ. මොළයේ අනෙක් අර්ධගෝලය අවදියෙන් තබාගැනීමෙන් එක ඇසක් විවෘතව තබාගැනීමට ඔවුන්ට හැකිවේ. එමගින් වෙනත් පක්ෂීන් හෝ ගල් පර්වත පිළිබඳ අවධානයෙන් සිටී.

Author

Related Articles

Back to top button