Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ යම් ආහාරයක් මිරිසට කන විට ඔබේ දිව දැවෙනවා ලෙස දැනෙන්නේ ඇයි

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ යම් ආහාරයක් මිරිසට කන විට ඔබේ දිව දැවෙනවා ලෙස දැනේ. අප මිරිස් රස ලෙස හැදින්වූවාට දිවට එය රසක් නොවන බව ඔබ දැන සිටියාද? එය සැරක් ලෙස දැනෙන වේදනාවකි. මිරිස් සැර ඇතිවීමට බලපානුයේ කැප්සසින් නම් රසායනිකයකි. ඔබ මිරිසට ආහාරයක් ගැනිමේදී එහි ඇති කැප්සසින් ඔබේ දිවේ ඇති වේදනා හා උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක උත්තේජනය කරයි. ඒ අනුව ඔබ මිරිසට ආහාරයක් ගැනිමේදී ඔබේ දිව එය සංවේදනය කරනුයේ වේදනාවක් ලෙසිනි. ඔබේ දිවේ උෂ්ණත්ව ප්‍රතිග්‍රාහකද උත්තේජනය වන නිසා දිවේ දැවෙන සුළු හැඟීමක්ද දැනේ.

Author

Related Articles

Back to top button