Science Insiderස්වාභාවික විද්‍යාව
මුහුණු ආවරණ පැලඳීමේදි කණ්ණාඩි පලඳන පුද්ගලයන්ගේ කාච වල මීදුම වගේ පටලයක් ඇති වෙන්නේ ඇයි?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මුහුණු ආවරණ පැලඳීමේදි කණ්ණාඩි පලඳන පුද්ගලයන් සඳහා මේ දිනවල ඇති ප්‍රශ්නයක් තමයි කාච වල මීදුම වගේ පටලයක් ඇතිවෙන එක. මෙය සිදුවන්නේ මන්දැයි කියා ඔබ දන්නවාද? ඔබ හුස්ම පිටකරන විට එම උණුසුම් වාතය මුව ආවරණයෙන් ඉහළට ගමන් කරයි. මුව ආවරණය ඉහළින් ලිහිල්ව පවතින්නේනම් මෙම තත්වය ඇතිවී වාතය කාච කරා ගමන් කරයි. එම උණුසුම් වාතය කාචයේ සාපේක්ෂව සීතල මතුපිටක වැදී සිසිල් වන විට ඝනීභවනය වීම හෝ මීදුම ඇතිවීම සිදු වේ.