Science Insiderස්වාභාවික විද්‍යාව

ස්මාර්ට්ෆෝන් එක පරීක්ෂා කළහොත් බොහෝ දෙනෙකුට නිල් ආලෝකය පෙරනයක් (Blue Light Filter) ඇති බව දැක ගත හැක. ඒ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්යයන ආයතනය)

නූතන ලෝකයේදී සියලු දෙනාටම මෙන් පරිගණකයක්, ජංගම දුරකථනයක් ඇති අතර එයින් බොහෝ දෙනෙකු තමන්ගේ කාලය ගත කරන්නේ මෙම ජංගම දුරකථනවලය. සාමාන්‍යයෙන් මෙම විද්‍යුත් උපකරණ වලින් පාට 7ම විහිදෙන අතර නිල් වර්ණය එයින් එක් වර්ණයකි. ඔබ ඔබගේ ස්මාර්ට්ෆෝන් එක පරීක්ෂා කළහොත් බොහෝ දෙනෙකුට නිල් ආලෝකය පෙරනයක් (Blue Light Filter) ඇති බව දැක ගත හැක. එත් ඇයි නිල් ආලෝක පෙරනයක් ඇත්තේ? නිල් ආලෝකයට ඉහල ශක්තියක් ඇති අතර දෘශ්‍ය ආලෝකයේ අනෙක් වර්ණවලට සාපෙක්ෂව නිල් ආලෝකය හොදින් නාභිගත නොවී විසිරීම සිදුවේ. පරිගණක තිර හා අනෙක් ඩිජිටල් උපාංග සැලකිය යුතු ප්‍රමාණයෙන් නිල් ආලෝකය විමෝචනය කරයි. මෙලෙස නාභිගත නොවන නිල් ආලෝඅකයට දිගින් දිගටම නිරාවරණය වුවහොත් ඔබෙ ඇස් රිදීම සිදුවිය හැක.

Author

Related Articles

Back to top button