Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද ස්විච්යක් භාවිතයෙන් පාරදෘශ්‍ය ජනේලයක් පාරභාෂක ජනේලයක් බවට පත් කළ හැකි ජනෙල් වර්ගයක් තිබෙන බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබලා සමහරදෙනෙකුගේ ජනේලයෙන් පෙනෙන දර්ශනය ඉතා අලංකාර වනවා ඇති. එත් පුද්ගලිකත්වය අවශ්‍ය වූ විට ජනෙල් පැවතීම එතරම් සුදුසු නැත. ඔබ දන්නවාද ස්විච්යක් භාවිතයෙන් පාරදෘශ්‍ය ජනේලයක් පාරභාෂක ජනේලයක් බවට පත් කළ හැකි ජනෙල් වර්ගයක් තිබෙන බව? මෙම ජනේලය තුල ඉතා තුනී පටල 2ක් ඇත. මෙම තුනී පටල 2ක අතර ද්‍රවමය ක්‍රිස්ටල් පටලයක්(Liquid Crystal layer) ඇත. ද්‍රවමය ක්‍රිස්ටල් පටලය අතර ද්‍රවමය ක්‍රිස්ටල් අණු(Liquid Crystal molecules) ඇත. මෙම ජනේලයට විදුලිය යෙදූ විට මෙම ද්‍රවමය ක්‍රිස්ටල් අණු අහඹු ලෙස පෙළ ගැසෙන අතර ආලෝකය විසිරීම සිදුකරයි. එවිට ජනේලය පාරභාෂක වේ. මෙම ජනේලයට විදුලිය සැපයූ විට මෙම ද්‍රවමය ක්‍රිස්ටල අණු එක පෙලට පෙල ගැසේ. එවිට ආලෝකය ජනේලය හරහා ගමන් කර ජනේලය පාරදෘශ්‍ය බවට පත් කරයි.

Author

Related Articles

Back to top button