Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ කින්ඩ්ල් භාවිතා කරනවාද?

විදු නැණ හවුල - ජාතික මූලික අධ්‍යයන ආයතනය.

ඔබ කින්ඩ්ල්(kindle) භාවිතා කරනවා නම් ඔබට E-ink තිරය යන පදය ඔබට ඇසී තිබෙනවා ඇති. LED, LCD වැනි තිර අතරින් E-ink තිරය ඇස්වලට පහසු වන අතර අඩු බලශක්තියක් පමණක් පරිභෝජනය කරයි. ඔබ දන්නවාද E-ink තිර වැඩකරන්නේ කෙසේද? E-ink තිර මයික්‍රෝ කැප්සියුල නම් කුඩා කළු හා සුදු ගෝල භාවිතා කෙරේ. මෙහිදී කළු මයික්‍රො කැප්සියුල ඝෘණ ආරෝපිත වන අතර සුදු මයික්‍රෝ කැප්සියුල ධන ආරෝපිත වේ. මෙම මයික්‍රෝ කැප්සියුල ඉලෙක්ට්‍රෝඩ දෙකකට අතර මැදිව පිහිටයි. මෙම ඉලෙක්ට්‍රෝඩ මගින් විවිධ විද්‍යුත් ක්ෂේත්‍ර එක් එක් මයික්‍රො කැප්සියුලට එල්ල කරන අතර ප්‍රතිවිරුද්ධ ආරෝපණය සහිත මයික්‍රොකැප්සියුල තිරය මතට පැමිණේ. මෙලෙස නැගී එන මයික්‍රොකැප්සියුල මගින් සාදන රටා ඔබට තිරයේ විවිධ වචන හා රූප ලෙසින් දිස්වේ.

Author

Related Articles

Back to top button