Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ ලොන්ඩරි වල දැක තිබෙනවාද වියලි පිරිසිදු කිරීම යන ශිල්ප ක්‍රමයක්?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබලා බොහෝ දෙනෙකු ඔබගේ ඇඳුම් රෙදි සෝදන යන්ත්‍රයට දමා ජලය හා වෙනත් රෙදි සෝදන කුඩු යොදාගනිමින් පිරිසිදු කරනවා ඇති. එත් ඔබ ලොන්ඩරි වල දැක තිබෙනවාද වියලි පිරිසිදු කිරීම යන ශිල්ප ක්‍රමයක් භාවිතා කරනවා? ඔබ දන්නවාද වියලි පිරිසිදු කිරීම යනු කුමක්ද කියා? මෙහිදි ජලය වෙනුවට ඇඳුම් පිරිසිදු කිරීමට වෙනත් ද්‍රව ද්‍රාව්‍ය යොදාගනී. මෙහිදි සුලභව භාවිතා කරන ද්‍රාවකය වන්නේ ප’ක්ලෝරෝඑතිලින්ය. ඇඳුම් මෙම ද්‍රාවකය සමග සෝදන මැෂිමට එක්කර කැරකවීම සිදු කරයි. එමෙන්ම කාර්යක්ෂමතාව වැඩිකරගැනීමට මැෂිම තුල උෂ්ණත්වය 30C ක අගයක පවත්වා ගනී. ප’ක්ලෝරෝඑතිලින් හොඳ ද්‍රාවකයක් බැවින් ඇඳුම් වල ඇති ග්‍රීස්, සමහර තෙල් වර්ග මෙහි දියවීම සිදුවේ. මෙලෙස ඇඳුම පිරිසිදු කරනු ලබයි.

Author

Related Articles

Back to top button