Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද සමහර රටවල මීදුම ජලය ලබාගැනීමේ ප්‍රභවයක් ලෙස භාවිතා කරන බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

සමහර දිස්ත්‍රික්ක වල ජීවත් වන පුද්ගලයන්ට උදෑසන මීදුම දක්නට ලැබෙනවා ඇති. බොහෝ මිනිසුන්ට මීදුම කරදරයකි. එත් ඔබ දන්නවාද සමහර රටවල මීදුම ජලය ලබාගැනීමේ ප්‍රභවයක් ලෙස භාවිතා කරන බව? මෙලෙස මීදුමින් ජලය නිපදවීමට භාවිතා කරන උපකරනය ෆොග් කැට්චර් නම් වේ.ෆොග් කැට්චර් යනු තනිපට හෝ ද්විපට දැලක් වේ. මෙම දැල මගින් මීදුමේ ඇති ජලය ඝණීභවන කරයි. මෙලෙස ඝණීභවනය වූ ජලය ගුරුත්වය ආධාරයෙන් කානුවක් දිගේ ගොස් ජලය එක් රැස් කරන ටැංකිවලට එකතුවේ.

Author

Related Articles

Back to top button