Science Insiderස්වාභාවික විද්‍යාව

ඩිෆිබ්‍රිලේටර්යක් ඔබ දැක තිබෙනවාද?

චිත්‍රපටිවල ඔබ දැක තිබෙනවා ඇති යම් රෝගියෙකු ඇඳේ වැතිර සිටින විට වෛද්‍යවරයෙකු ඩිෆිබ්‍රිලේටර්යක් රෝගියා පපුවට තද කර නැවත රෝගියා පණ ගැන්වීමට උත්සහ දරන අවස්ථාවක්. ඔබලා බොහෝ දෙනෙකු සිතනවා ඇත්තේ මෙලෙස ලබාදෙන විද්‍යුත් කම්පනයෙන් රෝගියාගේ හදවත නැවත පටන් ගන්න බව, එනමුත් සිදුවනුයේ හදවත නැවතීමට ලක්වීමයි. මෙය තවදුරටත් සරල කිරීමට හදවත පාසල් තූර් ‍ය කණ්ඩායමකට සමාන කරන්න. හදවතේ පේශී තූර්ය කණ්ඩායම වන අතර එහි නියමුවා SA ගැටය වේ. සිතන්න මෙම නියමුවා කෙටි කාලයකට ඉවතට ගිය හොත් තූර්ය කණ්ඩායමේ සිටින වයලින්කරුවන්, බෙරකරුවන්, හොරණෑ වාදකයන් තමන්ගේ රිද්මයෙන් පිට යයි. මේ අනුව නැවත නියමුවා පැමිණි විට ඔහු සියල්ල නවත්වා නැවත ආරම්භ කරයි. ඩිෆිබ්‍රිලේටරයකින් සිදුකරනුයේ මෙයයි. ඩිෆිබ්‍රිලේටරයේ විද්‍යුත් කම්පනයෙන් හදවත නතර කරයි. එවිට නැවත හදවත ආරම්භ වූ විට හදවත එහි රිද්මය සොයාගනී.

Author

Related Articles

Back to top button