Science Insiderස්වාභාවික විද්‍යාව

වාහනයක් හැප්පුන විට එයාබෑග්(airbag) එක පිම්බීමට හේතුව පැහැදිලි කරන්න

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

වාහනයක් හැප්පුන විට ඔබව ආරක්ෂා කිරීමට බොහෝ වාහනවල එයාබෑග්(airbag) සවි කර ඇත. වාහනයක් යම් බාධකයක හැප්පුන විට ඔබේ මුහුණ සුක්කානමේ වැදීමට මිලිතත්පර 50 පමණ කාලයක් ගත වේ. එබැවින් ඉක්මනින් එයාබෑග් එක පිම්බීම සිදුවිය යුතුය. වාහනයක් හැප්පුන විට එයාබෑග්(airbag) එක පිම්බීමට හේතුව පැහැදිලි කරන්න.

වාහනයක් හැප්පුන විට මෙම හැප්පීම නිරීක්ෂණය කීරිමට වාහනයේ ප්‍රතිග්‍රාහක පවතී. එනමුත් මෙම ප්‍රතිග්‍රාහක මගින් එයාබෑග් එක පිම්බීමට පණිවිඩ යවනුයේ වාහනය යම් නිශ්චිත බලයකින් ඝට්ටනය වූ විට පමණි. මෙවැනි බලයකින් ඝට්ටනය වූ විට මෙම ඝට්ටනය ප්‍රතිග්‍රහනය කරන ප්‍රතිග්‍රහක මගින් ජ්වලකය දල්වයි. මෙම ජ්වලකය දැල්වුණු විට එයාබෑග් හි ඇති රසායනික ද්‍රව්‍ය නයිට්‍රජන් වායුව බවට බිඳේ. මෙලෙස නිපදවෙන නයිට්‍රජන් වායුව එයාබෑග් එකේ එක්රැස් නිසා එයාබෑග් එක පිම්බීම සිදුවේ.

Author

Related Articles

Back to top button